Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2016 18:51:08 Hours

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පරිගණක පාඨමාලාව නිමා වේ

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කරනු ලැබූ පරිගණක පාඨමාලාව ජුලි මස 16 වන දින නිමා විය. එම පාඨමාලාව සදහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින් 24 දෙනෙකු සහභාගි වූහ. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන දේශණ ශාලාවේ ජුලි මස 16 වන දින පැවති එම පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ සේනාරත්න සහභාගි විය. මෙම උත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.buy shoes | Air Jordan