Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2016 15:19:25 Hours

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි යුද හමුදා සම්ප්‍ර‍දායන් සහ රෙගුලාසි පිළිබඳ වැඩමුළුවක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු කණිෂ්ඨ යුද හමුදා නිලධාරීන් සඳහා ආචාර ධර්ම, සමාජ පුරුදු, සම්ප්‍ර‍දායන්, කතා කිරීමේ ශිල්පීය ක්‍ර‍ම, වෘත්තීය මඟ පෙන්වීම ආදි මාතෘකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අඟහරුවාදා (29) දින එම මූලස්ථාන නිලධාරි නිවස්නයේ දී පැවැත්විනි. මේ අතරතුර සඳුදා (28) දින ‘ඩයිනස් ක්ලබ්’ රාත්‍රි වැඩමුළුව තුලින් සාමජ ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි විය. යුද හමුදා මූලස්ථානයේ මඟ පෙන්වීම මත පැවැත් වූ ඉහත වැඩමුළුව සඳහා කණිෂ්ඨ නිලධාරින් 29 දෙනෙක් සහභාගි වූහ. මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද එක් ව සිටියහ.latest jordan Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp