Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2016 19:09:20 Hours

ලේ දන්දීමේ වැඩසටහනට 12 වන සේනාංක සෙබලුන් ද එක්වේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණම රණවිරු සුබසාධන සමිතියට වසර 14 ක් සපිරිම නිමිත්තෙන් පසුගිය බදාදා (03) දින මියගිය රණවිරුවන්ට පිං අනුමෝදනා කිරීම මෙන්ම ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ ඥාතීන් වෙත සෙත් පැතීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ සහ 10 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 23 දෙනෙකු මෙහිදි ලේ දන්දෙමින් මෙම මහඟු කටයුත්තට දායක විය.Sport media | Autres