අගෝස්තු මස 13 සිට 17 දක්වා කාලය තුළ රාජකීය MAS ක්රීඩාංගණයේ පැවති 79 වන ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී ශ්රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ලාන්ස් කෝප්රල් සංජීව නුවන් හොඳම බොක්සිං ක්රීඩකයා ලෙස තේරී පත් වූ අතර මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්රීඩකයින් රන් පදක්කම් 07 ක් සහ රිදී පදක්කම් 2 ක් දිනා ගැනීමට සමත් විය.
සෙනසුරාදා (17) දින රාත්රියේ පැවති අවසන් මහා තරගයේදී යුද්ධ හමුදා බොක්සිං ක්රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා පෙන්විය.
බර පන්ති 10 ක් යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා යුද, නාවික, ගුවන් හමුදාව, පොලීසිය, MAS, ස්ලයිම් ලයින් (Slime Line) සහ තවත් ප්රමුඛ පෙළේ ක්රීඩා සමාජ කිහිපයක් ඇතුළුව බොක්සිං ක්රීඩකයින් 148 ක් සහභාගී වූහ.