28th December 2023 21:33:51 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් නත්තල් දිනය වෙනුවෙන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින ලෙබනනයේ ‘Sri Base‘ ශ්‍රවණාගාරයේ දී වැඩසටහනක් පවත්වන ලදී.
ලෙබනනයේ 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අනදෙන නිලධාරී කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල ආර්එස්පී යුඑස්පී අයිජි විසින් සැමරුම් උත්සවය ආරම්භ කිරීමට පෙර සාමය, ආදරය සහ සුහදතාව වැඩිදියුණු කරන මෙම උතුම් නත්තලේ වැදගත්කම පිළිබඳව විස්තර කරනු ලැබීය.
නත්නල් උත්සවය සඳහා භටපිරිස් විසින් ඉදිරිපත් කරනු ලැබූ අලංකාරවත් නත්තල් ගස, නත්තල් කැරොල් ගී ගායනය සහ නැටුම් අංගයන්ගෙන් මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. උත්සව කටයුතු අවසන් කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා වෙත නත්තල් සීයා විසින් තෑගි බෙදාදෙනු ලැබීය.