Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th August 2016 15:18:47 Hours
ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරුම් උළෙල අනුරාධපුරයේ දී
දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ අනෙකුත් විරුවන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින අනුරාධපුරයේ දී එම විරුවාගේ ප්‍රිය බිරිද වන ලලී කොබ්බෑකඩුව මහත්මියගේ සහ හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. වසරක් පාසා පවත්වනු ලබන මෙම සැමරුම් උළෙල මෙවර අනුරාධපුර නගර මධ්‍යයේ ඇති ලුතිතන් ජෙනරාල් කොබ්බෑකඩුව විරුවාගේ ප්‍රතිමාව ඉදිරියේදී පැවැත්වූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ලලී කොබ්බෑකඩුව මහත්මිය විසින් එම ප්‍රතිමාව ඉදිරිපිට මල් කලඹ තබා ගෞරව දක්වනු ලැබීය. එමෙන්ම සන්නාහ සන්නද්ධ බලකා විරුවණන් විසින් එම විරුවාණන් වෙත හමුදා ගෞරව දක්වනු ලැබූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථායෙහි සේනාවිධායක ලුතිතන් කර්නල් පී.ආර් පතිරවිතාන ද සහභාගි විය. එමෙන්ම එම අභිත විරුවා සිහිකරමින් ලංකාරාම විහාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 14 නමක් සඳහා දානය පිරිනමනු ලැබූ අතර, එහිදී උන් වහන්සේලා විසින් දිවිපිදූ රණවිරුවන් හට සෙත් පැතීම සිදු කරන ලදී . කලත්තෑව 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි පැවැත්වූ සැමරුම් උළෙලෙහි ප්‍රධාන උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සහභාගි විය. රණවිරු අනුස්මරණ උද්‍යානයේ පැවති දැයෙන් සමුගත් එම අභීත විරුවාණන් වෙත පුෂ්පෝපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. ආදි ත්‍රිත්ව විද්‍යාලීයයෙකු වන මෙතුමා 1960 මැයි මස 25 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වී යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මූලික පුහුණුව හදාරා අනතුරුව එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් වැඩිදුර පුහුණුවීම් හදාලහ. පසුව 1962 අගෝස්තු 03 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අනුයුක්ත කෙරිනි. යුද හමුදා ඉතිහාසයේ බිහි වූ සුවිශේෂී යුද විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ ඊලාම් යුද්ධයට එරෙහි සටනේ දී ත්‍රස්තවාදී පීඩන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඔහු ඇතුළු මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිතන් කර්නල් එච්.ආර් ස්ටෙෆන්, ලුතිතන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිතන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ ඇතුළු පිරිස 1992 අගෝස්තු මස 8 වන දින යාපනය, කයිට්ස් හි අරාලි තුඩුවෙහි දී දැයෙන් සමුගත්හ. යාපනය, කයිට්ස්හි අරාලි තුඩුවේ දී තමන් ගමන් ගත් වාහනය පීඩන බෝම්බයකට හසුව 1992 අගෝස්තු මස 08 වන දින සිය සගයින් ද සමඟින් ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දේශය වෙනුවෙන් අභිමානයෙන් දිවි පිදීය.
Buy Sneakers
|
Mens Flynit Trainers