Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:30 Hours

ලංකා සිංහ රෙජිමේන්තු ‘ඩයිනර්ස් ක්ලබ්’ හිදී නිලධාරීන් දැනුවත් කිරීමේ දේශන පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ දැනුම් සීමාව පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ අධීක්‍ෂණය යටතේ පසුගියදා අඹේපුස්ස පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන නිලධාරී නිවස්න සංකීර්ණයේ ‘ඩයිනර්ස් ක්ලබ්’ හිදී දේශන සැසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කටයුතු සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ආරාධිත කථීකාචාර්යවරයෙකු ලෙස සපැමිණි “උපායමාර්ගික අවදානම් විසඳුම්” හි ප්‍රධාන විධායක නිලධාරි දමිත් කුරුදුහේවා මහතා, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. රට පුරා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන බොහොමයක පිළිගත් කළමනාකරණ උපදේශක / කළමනාකරණ පුහුණුකරුවෙකු වන එතුමන් බොහෝ වෘත්තීය සංවිධාන සහ සමාජ සංසද සඳහා ආරාධිත කථිකයෙකු වශයෙන් කටයුතු කර හසල අත්දැකීම් සම්භාරයක් ලද විද්වතුකු ද වේ.

‘පෞරුෂ සංවර්ධනය හා මූල්‍ය කළමනාකරණය’ යන මාතෘකාව යටතේ පැවති මෙම දේශනය ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද ගන්නා ආකාරයෙන් පැවැත් වූ අතර ඊට අදාළ ප්‍රශ්නෝත්තර සැසිවාරයක් ද පැවැත්විණි. පසුව, සියලු නිලධාරීන් නිලධාරී නිවස්නයේ පැවැති සාදයකට ද සහභිගි වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක විසින් එම දේශනයට සපැමිණි දමිත් කුරුඳුහේවා මහතා ඇගයුමට ලක් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

එමෙන්ම, ‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග’ යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා පොලිසියේ නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පුහුණු දින සැසිවාරයට සහභාගී වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් නිලධාරීන් පිරිස දැනුවත් කරන ලදී.

‘ජිවිතයේ එළඹෙන අභියෝගයන් ඇතුළු බාධාවන් සාර්ථකත්වයේ ගමන්මගට ඉවහල් කර ගන්නේ කෙසේද’ යන මාතෘකාව යටතේ වෘත්තීය ඉංග්‍රීසි භාෂා ගුරුවරියක මෙන්ම වර්තමානයේ රජයේ සංවිධානයක භාෂා පුහුණු ඒකකයේ ප්‍රධානියා ලෙස සේවය කරන තමාරා කන්නංගර මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගි වූ පිරිස් වෙනුවෙන් විශේෂ දේශනයක් පවත්වන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහභාගී වූහ. latest Nike release | adidas poccnr jumper dress pants size