Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2024 20:12:18 Hours

රුහුණු කතරගම මහා දේවාලයේ පළමු පෙරහැර පැවැත්වීට 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හි සහාය

නව අවුරුදු මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රථම පෙරහැර 2024 අප්‍රේල් මස 14 දින රුහුණු කතරගම බස්නායක නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස්මත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අනදෙණ නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කතරගම මහා දේවාලයේ වැඳ පුදා ගැනීමට සහ පෙරහැර නැරඹීමට පැමිණ සිටි 4000 කට අධික බැතිමතුන් හට රාත්‍රී ආහාරය ලබා දෙන ලදී.

මෙම පුන්‍ය කටයුත්ත රුහුණු කතරගම මහා දේවාල දායක සභාවේ මුල්‍ය අනුග්‍රහයකත්වය ඇතිව සිදු කිරීමට හැකි විය.