Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2024 14:57:21 Hours

රුහුණු කතරගම මහා දේවාලයේ නව මුළුතැන්ගෙය සහ පියගැටපෙළ ඉදිකිරීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම දේවාලය සඳහා නව මුළුතැන්ගෙයක් ඉදිකිරීමට සහ බැතිමතුන්ට මැණික් ගඟේ සිට දේවාල පරිශ්‍රයට පිවිසීමට නව පියගැටපෙළක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.

12 පාබල සේනාංකය, 18 ගැමුණු හේවා බලකාය සහ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අනුයුක්ත ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සති හතරකට අඩු කාලසීමාවක් තුළ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම සඳහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.