08th November 2023 22:17:30 Hours
මත්තෙගොඩ, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුව මගින් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භඨපිරිස් සඳහා අවශ්‍ය විෂය දැනුම ලබාදීමේ අරමුණින් ඔක්තෝම්බර් මස 17 දින සිට නොවැම්බර් මස 03 දින දක්වා වැඩමුළුවක් පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයින් 26 දෙනෙකු සහභාගී වූහ.
වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූ අතර, වැඩමුළුව සඳහා රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෙනත් ආයතනවල නියෝජිතයන් නොයෙක් ක්‍ෂේත්‍රයන් පිළිබඳව දේශන පැවැත්වූහ.
වැඩමුළුවේ සමාප්ති දින උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින සහභාගී වූ අතර, එහිදී එතුමන් රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා පවතින සම්පත් උපරිම ලෙස භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධාරණය කළේය.