Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th May 2016 12:51:44 Hours
රත්නපුර සහ අනුරාධපුර රණවිරු ස්මාරක වෙත පුෂ්පෝපහාර පුද කෙරේ
එළඹෙන රණවිරු සැමරුම් මාසය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සව දෙකක් අනුරාධපුර සහ රත්නපුර රණවිරු ස්මාරක අභියස දී පැවැත්විනි. රත්නපුර දී පැවැත් වූ සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා යුද හමුදා, ශ්‍රී ලංකා නාවික හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රණවිරුවන් ද රාජ්‍ය නිලධාරීන් සහ සබරගමුව පලාත් සභාවේ දේශපාලන සභිකයින් ද සහභාගි වූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා රණවිරු ස්මාරකයට මල් කළඹ තැන්පත් කරමින් උපහාර පිදීය. ඉන් පසු සම්භාවනීය ආරාධිතයින් මෙන්ම දිවිපිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතින් ද තම ආදරණීයයන් වෙනුවෙන් මල් කලඹ තැන්පත් කොට සිය උපහාරය පුද කරනු ලැබීය. රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි උපුලංගනී මාලංගමුව මහත්මිය මෙම උත්සව සභාව අමතමින් රණවිරුවන් දේශය වෙනුවෙන් දිවි පුදා කළ කැප කිරීම ඉස්මතු කොට දැක්වූවාය. මෙම ජාතික රණවිරු සැමරුමේ තවත් එක් උත්සවයක් පසුගිය බදාදා (11) දින අනුරාධපුර දී පැවැත්විනි. උතුරු මැද පලාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා මීට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර, හෙතෙම රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියහ. ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් ද ඊට එක්ව සිටියහ. ආගමික වතාවත් සිදු කිරීම, පුෂ්පෝපහාර දැක්වීම, දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් ආචාර පුද කිරීම ආදිය ද මෙහි දි සිදු කෙරිනි. රණවිරු සේවා අධිකාරියේ සම්බන්ධීකරණයෙන් සබරගමුව සහ උතුරු මැද පලාත් සභා විසින් මෙම වාර්ෂික උත්සව අවස්ථාව සංවිධානය කලහ.
jordan release date
|
UK Trainer News & Releases