Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2023 17:46:10 Hours

රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ‘පෝසිලේන් පින්තාරු කිරීම’ සබැඳිව සැසියක්

රණක්‍ෂිතයට පත්ව දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා සුවතා නිකේතනයන්හි සුවය ලබමින් සිටින රණවිරුවන් 11 දෙනෙකුගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින තුළ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැඳුර’ සුවතා නිකේතනයේදී ‘පෝසිලේන් පින්තාරු කිරීම’ සබැඳිව අධ්‍යයන සැසියක් පැවැත්විණි.

මෙම අධ්‍යයන සැසියේදී ඒ සඳහා සහභාගී වූවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සියැසින් දැකබලාගැනීම සඳහා ප්‍රථම දිනයේදී ‘Royal Fernwood Porcelain Pvt Ltd’ ආයතනයේ සංචාරයක නිරත වූ අතර දෙවන දිනයේදී එම ආයතනයේ නිලධාරීන් ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයට පැමිණ වැඩමුළුව පැවැත්වීය.

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී ගේ උපදෙස් හා ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස්. බාලසූරිය ඇතුළු අනෙකුත් සුවතා නිකේතනයන්හි සේනාවිධායකවරුන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.