Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th August 2016 16:26:40 Hours
රණක්ෂිතයට පත් වු තවත් රණවිරුවන් කණ්ඩායමක් වෙත නිවාස ඉදිකිරීම සඳහා මූල්‍යාධාර
යුද හමුදාපතිතුමාගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ ආශිර්වාදයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව, මෙතෙක් ආධාර නොලද මව්බිමේ ස්වෛරීත්වය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත්ව අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රණවිරුවන් කණ්ඩායමක් සඳහා අඟහරුවාදා (02) දින ඔවුන්ගේ නිවාස සහ අඩක් නිමකල නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍යාධාර පිරිනමන ලදි. සති කිහිපයකට පෙර යුද හමුදා සේවා වනීතා ඒකකය විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සෘජු උපදෙස් අනුගමනය කරමින් කරන ලද සමික්ෂණයකට අනුව රුපියල් මිලියන 4.7 ක් වටිනාකමකින් යුත් මුදලක් ආබාධිත රණවිරුවන් 08 දෙනෙකු අතරේ බෙදාදෙන ලදි. මෙම වැඩසටහන යටතේ අද (02) උදෑසන යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය මිහිදු සෙත් මැදුර වෙත ගොස් පෞද්ගලිකව එම මූල්‍යාධාර පිරිනැමිම සිදු කෙරිනි. මේජර් නිලයේ සහ සැරයන් මේජර් නිලයේ ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු වෙත නව නිවාස ඉදිකිරීම සඳහා පිළිවෙළින් රුපියල් මිලියනයක් සහ රුපියල් ලක්ෂ 7.5 ක් ප්රදානය කරන ලදී. එමෙන්ම, මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රණවිරුවෙකු වෙත රුපියල් මිලියනයක් පිරිනැමිම ද මෙහිදි සිදුවිය. තවද, කෝප්රල් නිලයේ සහ සැරයන් මේජර් නිලයේ ආබාධිත රණවිරුවන් 4 දෙනෙකු වෙත ඔවුන්ගේ අඩක් නිමකළ නිවෙස්වල ඉතිරි වැඩකටයුතු සඳහා රුපියල් ලක්ෂ 5 ක්, රුපියල් ලක්ෂ 4.8 ක් සහ රුපියල් ලක්ෂ 3.5 ක් (රණවිරුවන් දෙදෙනෙකු වෙත) බැගින් මුදල් පරිත්‍යාග කරන ලදි. යුද හමුදාවේ සේවය කරන සිවිල් සේවක මහතෙකු සඳහා නව නිවසක් මිල දී ගැනීමට රුපියල් ලක්ෂ 2 ක් පිරිනැමිම හා හමුදා ලේකම් කාර්යාලයේ සේවය කරන සිවිල් සේවක මහතෙකු වෙත වතුර පෙරනයක් පරිත්‍යාග කිරීම ද එහිදි සිදුකෙරිනි. එමෙන්ම, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්රජීවා අල්විස් මහත්මිය විසින් යුද හමුදා සේවා වනිතා ඒකකයේ සුබසාධන අරමුදල සඳහා රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් කරන ලද අතර, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් එම මුදල් එකතු කර ගන්නා ලද්දේ එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති ලොතරැයි දිනුම් ඇදීමක් මඟිනි. සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද හමුදා නිලධාරීන්, මිහිඳු සෙත් මැඳුරේ සේනාවිධායක මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
bridge media
|
Sneakers Nike Shoes