Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2020 08:20:40 Hours

යුරෝපීය සංගමයේ නියෝජිතයින් පිරිසක් යාපනයේ ආඥාපතිතුමන් හමුවෙයි

යුරෝපා සංගමයෙහි ශ්‍රී ලංකා සහ මාලදිවයින් තනාපති අතිගරු ඩෙනිස් චයිබි (Mr Denis Chaibi) මහතා ඇතුළු දූත පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින උතුරේ සංචාරයක නිරත වු අතර එහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හමුවී සාකච්ඡාවක නිරත විය.

මෙම හමුව අතරතුර යාපනය අර්ධද්වීපයේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය, සිවිල් වැසියන් නැවත පදිංචි කරවීම සහ බිම් බෝම්බ ඉවත්කිරිම ආදී කරුණු පිළිබදව නියෝජිතයින් පිරිස ආඥාපති තුමන් සමග සාකච්ජා කරන ලදී.

තවද එහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් අරමුණු කරගනිමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් දැනට සිදු කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් පිළිබඳව සවිස්තරාත්මක විස්තර වාර්ථාවක් ඉදිරිපත් කල අතර අනතුරුව තානාපතිවරයා කදවුරු පරිශ්‍රයෙන් නික්මයෑමට මත්තෙන් එතුමන් වෙත සමරුතිළිණයක් පිළිගන්වනු ලැබීය. Sports News | UK Trainer News & Releases