Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2016 09:14:25 Hours

යුද හමුදා 67 වන සංවත්සරයට කිතුනු ආශිර්වාද පිරිනමයි

යුද හමුදා 67 වන සංවත්සරයට සහ යුද හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති ක්‍රිස්තියානි දේවමෙහය බ්‍රහස්පතින්දා (6) දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.

කුරුණෑගල රදගුරු පූජ්‍ය ආචාර්ය හැරල් ඇන්තනී පියතුමන් විසින් පවත්වනු ලැබු දේවමෙහෙය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමගින් යුද හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය සහභාගී වු අතර, යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් මෙම දේවමෙහෙයට එක් විය.

මෙම මෙහෙය ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමගින් නයනා ද සිල්වා මහත්මිය පැමිණීමෙන් පසු ආරම්භ වු අතර යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් කර්නල් මංජුල කරුණාරත්න විසින් පිළිගැනීමේ කතාව සිදුකල අතර එහි තේමාව ද පැහැදිලි කරන ලදී.

මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ප්‍රධානත්වය දරන යුද හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් සංවිධානය කරනු ලැබු මෙම ආගමික උත්සවය වෙනුවෙන් විශේෂ ස්තූතියක් පුදකරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබදව හැදින්වීමක් ද සිදුකරන ලදී.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ අනුශාසක පූජ්‍ය බෙනඩික් ජෝෂප් පියතුමා විසින් හදුන්වාදීමේ දේශණය සිදුකරමින් මෙම අවස්ථාවේ වැදගත්කම පෙන්වාදුන් අතර සහභාගී වු සියළුදෙනා හට ගීතිකා ගායනය සදහා ආරාධනා කරන ලදී. අනතුරුව කුරුනෑගල රදගුරු පුජ්‍ය ආචාර්ය හැරල් ඇන්තනි හිමිපාණන් විසින් විශේෂ දේව මෙහෙය සිදු කරනු ලැබීය.

යුද හමුදාපතිතුමා විසින් සංකේතාත්මකව ආශිර්වාද ලබාගැනීම සදහා සහභාගී වු අතර යුද හමුදා ධජය සහ සියළු රෙජිමේන්තු ධජයන් භටපිරිස් විසින් ඉතා ගෞරවයෙන් රැගෙන විත් අල්තාරය පාමුල රදවන ලදී.

මෙහිදී ශුද්ධ වු යාඥාව මගින් මියගිය රණවිරුවන්ට, යුදයේදී හා අනෙක් අවස්ථාවන් හීදී අතුරුදන් වු රණවිරුවන් හට, තුවාල ලැබු යුද හමුදා සාමාජිකයන්ට, සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද සිදුකරන ලදී.

මෙම වසරේ යුද හමුදා සංවත්සරයට ආශිර්වාද ගැන්වීම සඳහා යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ අනුශාසක පූජ්‍ය බෙනඩික් ජෝෂප් පියතුමා, බොරුල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ ප්‍රධාන පූජක පූජ්‍ය ප්‍රසන්න පෙරේරා පියතුමා, බැප්ටිස් දේවස්ථානයේ පූජ්‍ය ඊ.කේ යසරත්න පියතුමා, මෙතෝදිස්ත දේවස්ථානයේ පූජ්‍ය ආසිරි පෙරේරා පියතුමා සහ පූජ්‍ය ශෙහාන් ජයසිංහ පියතුමන්ලා ද ඇන්ග්ලිකන් දේවස්ථානයේ පූජ්‍ය සුරේෂ් බණ්ඩාරණායක පියතුමා ද සහභාගි වූහ.

ආගමික උත්සවය අවසානයේදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා දේවස්ථානයේ සංවර්ධන කටයුතු සදහා මුදල් පරිත්‍යාගයක් දි සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක,යුද හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් මෙන්ම පවුල්වල සාමාජිකයින්ද මෙම දේව මෙහෙය සදහා සහභාගි වූහ.

Sport media | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys