Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2015 20:32:30 Hours

යුද හමුදා සෙබල ශ්‍රමයෙන් ඉදි කළ නව පාලම ජනතා අයිතියට

බේරුවල, මොරගල්ල කඩොලානදූව ඇල මාර්ගය මතින් ගමන් කිරීමේ පහසුව සඳහා නව මගී පාලමක් ඉදි කොට දෙන ලෙස එම ප්‍රදේශවාසීන්, ප්‍රාදේශීය ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරින් කළ ඉල්ලීම බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව ඉටු කරනු ලැබීය. මෙම නව පාලම සඳහා රාජ්‍ය අරමුදල් රු. මිලියන 72 ක් භාවිතා කෙරිනි. ඉතා විශාල පිරිසක් වන මෙම ප්‍රදේශයේ ජනතාව මීට පෙර තමන්ගේ ගමන් පහසුකම් සඳහා තාවකාලිකව ඉදි කළ ලී පාලමක් භාවිතා කළ අතර, එය ජීවිත අවදානම් සහිත එකක් විය. අබලන් තත්වයේ පැවති මෙම ලී පාලම ජන ජීවිතයට බලපෑම් එල්ල වි තිබූ අවස්ථාවේ මෙහි ඇති අන්තරාදායක බව 58 වන සේනාංකයේ සෙබලුන්ට දැන ගන්නට ලැබී ඊට විසඳුමක් ලෙස මෙසේ නව පාලම ඉදි කරනු ලැබීය. 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරීගේ අධීක්ෂණය මත 2014 ජූනි මස 29 වන දින යුද හමුදා සෙබලු මෙම නව පාලමේ ඉදි කිරීම් ඇරඹීය. මෙම පාලමේ ඉදි කිරීම් කටයුතු සඳහා වානේ බට 200 ක් පමණ භාවිතා කොට ඇත. එම පාලමේ දිග අඩි 110 ක් වන අතර, පළල අඩි 13 ක් වේ. මෙම නව පාලම ඉදි කිරීම හේතුවෙන් ජනතාවගේ ගමන් පහසුකම් සඳහා මෙන්ම සංචාරකයන්ට කුරුළු අභය භූමිය නැරඹීමට මෙන්ම කඩොලානවලින් ගහන ස්වාභාවික පරිසරය නැරඹීමටත් පහසුකම් සැලසිනි. මෙසේ ඉදි කළ නව පාලම විවෘත කිරීමේ සුබ කටයුත්ත බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (27) දින සිදු කෙරිනි. බෞද්ධ භික්ෂූන් වහන්සේ, රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරිහු රැසක් ද ගම්වාසින් සමඟින් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. Running sports | Sneakers