Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th September 2016 13:51:26 Hours

යුද හමුදා සාමාජිකයින් සඳහා හෘද සහ ස්වසන රෝග සම්බන්ධව වැඩමුළුවක්

කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා කළමණාකරන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද හෘද රෝග සහ ස්වසන රෝග සම්බන්ධව සිදු කරනු ලැබූ 20 වන වැඩමුළු සිකුරාදා (09) දින පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව 2014 ඔක්තෝම්බර් මස සිට මාසිකව පවත්වනු ලබන අතර, මෙය ලෝක මට්ටමින් පිළිගත් යුරෝපීය පුනර්ජීවන සභාවේ නිර්දේශවලට අනුව පවත්වනු ලබයි. මෙම වැඩමුළුව මගින් දැනට යුද හමුදා සාමාජිකයින් 400 දෙනෙකු පමණ පුහුණූ කර ඇති අතර, ඔවුන් යුද හමුදා රෝහල්, සාමා සාධක මෙහෙයුම් , යුද හමුදා වෛද්‍ය ඒකකවල හෙදියන් සහ පරිපූරක වෛද්‍ය සේවාවල නිරත වේ. මෙම වැඩමුළුව යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ ගේ මඟ පෙන්වීම යටතේ යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂක කර්නල් ක්‍රිෂාන්ත ඩී ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලැබීය.jordan Sneakers | nike fashion