Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2016 15:39:40 Hours

යුද හමුදා සංවත්සරය වෙනුවෙන් ළමා නිවාසයේ නේවාසිකයින් වෙත ආහාරපාන

67 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් අම්පාර පිහිටි සටන් පුහුණු පාසල සඳුදා (10) දින විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

අම්පාර පිහිටි සටන් පුහුණු පාසලේහි නිලධාරින් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අම්පාර, උහන පිහිටි සරණ ළමා නිවාසය වෙත ගොස් එහි නේවාසික ළමුන් සඳහා උදා ආහාරය, දිවා ආහාරය සමඟින් ත්‍යාග ප්‍රදානය ද සිදු කරන ලදි.

මෙම වැඩසටහන අවසානයේ දී යුද හමුදා කැලිප්සෝ කණ්ඩායම මඟින් නේවාසික ළමුන්ගේ විනෝදාස්වාදය සඳහා සංගීතමය වැඩසටහනක් ද පැවැත්විය.

Nike air jordan Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp