Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2016 13:36:59 Hours

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තවත් සමාජ මෙහෙවරක

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අභ්‍යාසලාභීන් විසින් ‍ගංවතුරෙන් විපතට පත් වැසියන් සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරනු ලැබීය. මෙහිදී රාජාංගනය සහ අඹගමුව වැව්වල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පහලමාරගහවැව, යාය 18 කටුරොද යන ප්‍රදේශ ජලයෙන් යට විය. ඒ අනුව බ්‍රිගේඩියර් පී.එම්.එස්.ඒ පල්ලෙමුල්ල (විශ්‍රාමික), මාවතගම ප්‍රදේශයේ ව්‍යාපාරික මිල්ටන් ජයවීර මහතා සහ යාය 14 ගම්මානයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍ර‍හයෙන් බදාදා (15) දින ශ්‍රි බෝධිරාජාරාම විහාරයේදී ජලයෙන් විපතට පත් වැසියන් සඳහා වියළි ආහාර තොගයක් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය උපකරණ බෙදා දෙනු ලැබීය. එම අවස්ථාව සඳහා කලාවැව කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසල නමින් පෙර හදුන්වනු ලැබූ දැනට යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, ශ්‍රී බොධිරාජරාමයේ විහාරාධිපති පූජ්‍ය රන්දොබේ පියනන්ද හිමි, පූජ්‍ය කයිකාවල ඥානකාන්ති හිමි, ග්‍රාම සේවා නිලධාරී,රාජංගනය යාය 14 හි සිවිල් වැසියන් සහ යාය 18 කටුපත්වැව සිවිල් වැසියන් සහභාගි වූහ.Adidas footwear | adidas Yeezy Boost 350