Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2020 18:03:13 Hours

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ‘රණවිරු සෙවණ’ හී නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ රාගම ‘රණවිරු සෙවණ’ හී බදාදා (29) දින සංචාරයක නිරත වෙමින් වර්ෂ 2020 නව අවුරුද්දේ එහි නේවාසිකව ප්‍රතිකාර ගන්නා රණවිරුවන්ගේ සුවදුක් මෙන්ම අවශ්‍යතාවයන් පිළිබද විමසන ලදී.

කුරිරු යුද්ධයෙන් ආබාදිත වූ වීරෝධාර රණවිරුවෙකු වන රාගම ‘රණවිරු සෙවණ’ හී සේනාවිධායක බ්‍රිගේඩියර් අයි.එම්.ටී.එච් සේනාරත්න සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර විසින් එහි සපැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් 118 දෙනෙකු ප්‍රථිකාර ලබන සුවතා නිකේතනයේ වාට්ටු සංකීර්ණය වෙත පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් ලියනගේ විසින් නේවාසිකව ප්‍රථිකාර ලබන වීරෝධාර රණවිරුවන් සියල්ලන් වෙත ත්‍යාග පාර්සල් ලබා දීමෙන් අනතුරුව ඔවුන් හා සුහඳ පිළිසඳරක නිරතවීමට ද අමතක නොකළේය. එම අවස්ථාවේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් ඔවුන් සමගින් යුද පිටියේ මතකයන් ආවර්ජනය කරමින් දොඩමළු විය.

මෙම සංචාරය නිමාකරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ‘රණවිරු සෙවන’ හි ජ්‍යෙෂ්ඨ පරිපාලකයින් සමඟ කෙටි සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව කාර්යාලයේ සමරු සටහන් පොතේ කෙටි සමරු සටහනක් ද තබනු ලැබීය.

මෙම සංචාරය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නයක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන කුමාර හදුන්මුල්ල, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ, සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. bridgemedia | Womens Shoes Footwear & Shoes Online