Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th May 2016 13:59:02 Hours
යුද හමුදා භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පූණ්‍ය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි
දිවයින පුරා ස්ථාපිත සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන වාර්ෂිකව පවත්වන වෙසක් තෙමඟුල් උත්සවය නිමිත්තෙන් මැයි මස 21 සහ 22 යන දිනයන්හි දි ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් සංවිධානය කළ අතර, විශේෂ වෙසක් සැරසිලි සහ විවිධ බෞද්ධාගමික වැඩසටහන් ද පැවැත්විය. යුද හමුදා භට පිරිස් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු ගුවන් හමුදා භට පිරිස්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සමඟ එක්ව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ දී දන්සැල්, වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ වෙනත් වර්ණවත් සැරසිලිවලින් සමන්විත වෙසක් කලාපයක් සංවිධානය කරන ලදි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟින් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් විසින් නිර්මාණය කරන ලද වෙසක් කලාපය විවෘත කරන ලදි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධීක්ෂණය මත සංවිධානය කළ මෙම වෙසක් කලාපය නැරඹිම සඳහා පළමු දිනයේදීම කිලිනොච්චි ප්‍රදේශයේ වැසියන් 10,000 කට අධික පිරිසක් සහභාගි වූහ. සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති, බලසේනාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්, සෙසු නිලයින් මෙන්ම සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. එමෙන්ම කිලිනොච්චි ආරක්ෂක සේනා භට පිරිස් වෙසක් දිනයේ (21) දී එම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත කිරි ගවයින් 29 ක් බෙදාදීම සිදු කරන ලදි. මේ සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, කිලිනොච්චි ප්‍රාදේශිය ලේකම්, කිලිනොච්චි ආරකෂක සේනා ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් මෙන්ම සිවිල් වැසියන් ද සහභාගි වූහ. තවද, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසෙඩ් වික්‍රමරත්නගේ අධික්ෂණය මත දියතලාව මුතුකුමරු ක්‍රීඩාංගනයේ දී වෙසක් කලාපයක් සංවිධානය කරන ලදි. බැති ගී ප්‍රසංගයක්, වෙසක් පහන් කූඩු හා අලංකාර සැරසිලි ආදි දෑ මෙම වෙසක් කලාපය තුල ප්‍රදර්ශනය කෙරිනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුද හමුදා පුහුණු පාසල් මෙම වෙසක් කලාපය සැකසීමට යුද හමුදා සාමාජිකයින්ට සහයෝගය ලබා දුන්හ. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේත්, එම ප්‍රදේශයේ යුද හමුදා පුහුණු පාසල්වල සහ ඒකකවල භට පිරිස් එක්ව ඉදිරිපත් කළ භක්ති ගීත සංදර්ශනය මෙහි දී කැපී පෙනිනි. වෙසක් පහන් කූඩු තරඟයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් 17 වන ඉංජිනේරු සේවා බලකාය, ස්වෙච්ඡා පුහුණු පාසල සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය විසින් දිනා ගනු ලැබීය. පාසල් සිසුන්ට මෙන්ම වෙසක් පහන් කූඩු තරඟයේ ජයග්රාහකයින්ට ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග පිරිනැමූ අතර, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය ලබා දුන් දායකත්වයට විශේෂ ත්‍යාගයක් ද පිරිනමන ලදී. මේ අතර සෙනසුරාදා (21) දින මෙම ආරක්ෂක සේනාව විසින්ම බෝධිකන්ද බෝමළුවේ දී විශේෂ බෝධි පූජා පිංකමක් ද පැවැත්වීය. මෙම බෝධි පූජාවෙන් අනතුරුව පූජ්‍ය එල්ලාවල සෝභිත ස්වාමින් වහන්සේ විසින් කාලීන ධර්ම දේශනාවක් ද සිදු කලහ. හපුතලේ ප්‍රාදේශීය ලේකම් නිමල් අබේසිරි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම වෙසක් කලාපය වෙත පැමිණි අතර, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ද ඊට එක් වූවේය. යුද හමුදා පුහුණු අණසක සේනාවිධායක, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ තවත් එම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන් ද බැති ගී ප්‍රසංගය ආරම්භ කිරීමට ප්‍රථම ඒ සඳහා සහභාගි වූහ. ‘යාපා පටුනයි - දහම් අමාවයි’ නමින් තවත් දැවැන්ත වෙසක් කලාපයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් යාපනය මහජන පුස්තකාලයට යාබද භූමියේ දී සංවිධානය කළ අතර, සෙනසුරාදා (21) දින එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූවේය. මෙම වෙසක් කලාපය නිර්මාණය කිරීම සඳහා යාපනය මූලික කොට ගත් සියලු බලඇණි එක්විය. විදුලි බල්බ 18,500 කින් සමන්විත විශාල තොරණ ඇතුලු වෙසක් කලාපය විවෘත කිරීමට පෙර යාපනය ආඥාපති ඇතුලු සියලුම නිලයින් බෝධි පූජා වැඩසටහනකට සහභාගි විය. වෙසක් පොහෝ දිනය වෙනුවෙන් යාපනය ආඥාපතිවරයා නාවක්කුලි ගම්මානයේ සංචාරය කරමින් එහි ජනතාවට අවශ්‍ය එළවලු සහ වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දෙනු ලැබීය. එමෙන්ම සෙනසුරාදා (21) දින යුද හමුදාව පැවැත් වූ නිර්මාංශ දන්සැලෙන් 5,000 කට අධික පිරිසක් වෙත ආහාර ලබා දුන්හ. යාපනය ආරක්ෂක සේනාවේ භට පිරිස් සහ නාවක්කුලි මහා විදුහලේ සිසුසිසුවියන් ඉදිරිපත් කළ භක්ති ගී ප්‍රසංගය සිංහල සහ දමිල භාෂා ද්විත්වයෙන්ම පැවැත්වුයේ තවත් එක් සුවිශේෂි අංගයක් ලෙසිනි. ආගමික නායකයින්, ගරු උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති, යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් ඒ. නටරාජන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන් මහතා, යාපනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු මහතා සහ තවත් ආරාධිතයින් රැසක් මෙහි විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම භුමියේ පිහිටි මූලදීප විහාරයේ දී නිලධාරින් සහ සෙසු නිලයින් 200 කට අධික පිරිසක් සෙනසුරාදා වෙසක් පුන් පොහෝ දින (21) පෙහෙවත් සමාදන් වූහ. එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ විසින් එදිනම බුද්ධ ප්‍රතිමාව පිටුපස ආවරණය ආලෝක ගැන්වීම මෙන්ම නව බෝධි ප්‍රාකාරය විවෘත කිරීම ද සිදු කරනු ලැබීය. බටහිර ආරක්ෂක සේනාව ද පනාගොඩ යුද හමුදා විහාරය වූ ශ්‍රී බෝධිරාජාරාමයේ සිය දක්ෂතා ප්‍රර්ශනය කරමින් වෙසක් කලාපයක් ඉදි කළ අතර, පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි සියලු අධ්යක්ෂ මණ්ඩල, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ සියලු ඒකක විසින් ස්වාභාවික ද්‍රව්‍ය සහ අබලි ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් මෙම වෙසක් කලාපයේ නිර්මාණ සකස් කොට තිබුණි. මෙහි ප්‍රදර්ශනය කරන කුඩු අතුරින් ජයග්‍රහණය කරන මුල් ස්ථාන ත්‍රිත්වය වෙත වටිනා ත්‍යාග අවසන් දිනයේ දී පිරිනැමිමට නියමිතව ඇත. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සංවිධානය කරනු ලැබීය. එමෙන්ම වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයත් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව වෙසක් උත්සවය නිමිත්තෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන සේනාංක, බලසේනා, ඒකක ආදියේ සහය ඇතිව පැවැත් වූ එම වෙසක් කලාපයට බැති ගී ප්‍රසංගයක්, පහන් කූඩු ප්‍රදර්ශනයක්, දන්සලක් හා සැරසිලි ආදිය ඇතුලත් විය. මෙහි විවෘත කිරිමේ අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම සිවිල් වැසියන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
Sportswear free shipping
|
Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4