Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2015 20:37:12 Hours

යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශණය සහ සූපවේදී ප්‍රදර්ශනය මෙවර ගාල්ලේ දී

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (27) දින පස්වරුවේ (27) ගාල්ල ප්‍රදේශයේ දී ආරම්භ වූ ‘ගාලු මේලා - 2015’ දැවැන්ත සැණකෙළියට සමගාමිව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයක් ගාල්ල පාපන්දු ක්‍රිඩාංගනයේ දී සංවිධානය කරන ලද අතර, එය පස් දිනක් පුරා ( දෙසැ: 27 - 31දින දක්වා) පවත්වන්නට කටයුතු සැලසුම් කොට ඇත. ‘ගාලු මේලා’ දැවැන්ත සැණකෙළිය - 2015 සඳහා මූලිකත්වය දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ දකුණු පළාත් සභාව විසින් සංවිධානය කොට ඇත. මේ අතරතුර බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් සහ මඟ පෙන්වීමෙන් 58 වන සේනාංක සෙබලුන් විසින් සූපවේදී ප්‍රදර්ශණයක් ද ගාලු උසාවි සංකීර්ණයට ආසන්නව සංවිධානය කරනු ලැබීය. මෙහි සම්ප්‍රදායික ආහාර වට්ටෝරු රැසක් ප්‍රදර්ශණය කරනු ලබන අතර, ඒ සඳහා යාපනය, කොළඹ,මන්නාරම, අනුරාධපුර, මහනුවර සහ මාතර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශයන්වලට ආවේණික ආහාර වට්ටෝරු යුද හමුදා සෙබලුන් විසින් සකස් කොට ප්‍රදර්ශනයට තබා ඇත. මෙම අවස්ථාව සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති සමගින් යුද හමුදා නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ. Nike air jordan Sneakers | Nike