Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th November 2016 21:15:33 Hours

යුද හමුදා අභීත විරුවන් හට වීර පදක්කම් ප්‍රදානය කෙරේ

2009 මැයි මස යුද්ධය අවසන් කිරීමට පෙර දේශය වෙනුවෙන් අභිතව සටන් වැදි වීරෝදාර රණවිරුවන් හට රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම් (රණ ශූර පදක්කම) ප්‍රදානය කිරීමේ උත්සවය අද (3) පස්වරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

එහිදී යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පිළිගෙන ප්‍රධාන වේදිකාව වෙත කැදවාගෙන යනු ලැබීය.

යුද හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දේශය වෙන්වෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ නිහඩතාවයකින් පසු යුද හමුදා සංස්කෘතික කණ්ඩායමේ ‘රණ බෙර’ හඬ මධ්‍යයේ එදින පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය ආරම්භ කෙරිනි.

ඒ අනුව මෙහිදි, සතුරුන් අභිමුව රණවිරුවන් තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා ප්‍රකාශ පත්‍රය කියවීමෙන් අනතුරුව යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් හට රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) පිරිනමන ලදි.

ඉන් අනතුරුව රණ ශුර පදක්කම (ආර්එස්පී) පිරිනැමිම සිදු කළ අතර, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම පදක්කම පිරිනමනු ලැබේ.

මෙහිදි ශ්‍රී ලංකාවෙහි ත්‍රස්තවාදය සහමුලින්ම මුලිනුපුටා දැමිම වෙනුවෙන් අභිතව සටන් වැද සියලු කැපකිරීම් සිදු කරනු ලැබූ පාබල රෙජිමේන්තුන් හි වීරෝදාර රණවිරුවන් 1000 ක් සඳහා රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම පිරිනමන ලදි.

එමෙන්ම අද පස්වරුවේ පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් වීරෝදාර රණවිරුවන් 90 දෙනෙකු සඳහා රණ වික්‍රම පදක්කම සහ 210 දෙනෙකු සඳහා රණ ශූර පදක්කම ඇතුලු රණවිරුවන් 300 දෙනෙකු සඳහා පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.

මෙම පදක්කම් ප්‍රදානයේ ඉතිරිය අදාළ රෙජිමේන්තුහි රෙජිමේන්තු අධිපතිවරුන් සහ කර්නල් සේනාවිධායකවරුන්ගේ ප්‍රදානත්වයෙන් රෙජිමේන්තු මට්ටමින් ඉදිරියේ දී ප්‍රදානය කරනු ලැබේ.

යුද හමුදාපතිතුමා උත්සවය ඇමතිමෙන් අනතුරුව ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනයත් සමඟින් උත්සවයේ අවසානය සනිටුහන් විය.

අවසානයේ ජාතික ගීය වාදනය කරමින් එදින වැඩසටහන අවසන් කෙරිනි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා සේනාවිධායක, පදක්කම්ලාභීන්, දිවිපිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ.

Mysneakers | Nike for Men