Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2016 19:37:23 Hours

යුද හමුදාවේ මූලිකත්වයෙන් හිටපු සටන්කරුවන් සඳහා නව රැකියා

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සටන්කරුවන්ගේ ජීවනෝපාය සඳහා අත්වැලක් වශයෙන් එම සටන්කරුවන් 20 දෙනෙකු සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි නව ස්ථිර විකුණුම් සහයකින් ලෙස පත් කර ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාදයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මූලිකත්වයෙන් එම ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 521 බලසේනාව විසින් චාවකච්චේරි තෙන්නමාරච්චි කලායි මන්ත්‍රම් සංස්කෘතික ශාළාවේ දී සඳුදා (25) දින එම උත්සවය සංවිධානය කරනු ලැබීය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත නවතමයෙන් ඇතුලත්කරගනු ලැබූ එම ස්ථිර විකුණුම් සහයකියින් 20 දෙනා වෙත දෛනිකව රුපියල් 750 .00 ක මුදලක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ගෙවීමට ද නියමිතය. එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයෙහි සභාපති රෝමේෂ් ජයවර්ධන මහතා එක් වූ අතර, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි නිර්මාතෘ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) අනුර ජයරත්න මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි සහකාර සාමාන්‍යාධිකාරී චානක දොඩන්ගොඩ මහතා, යාපනය සහකාර ප්‍රදේශීය ලේකම් සෙන්තිල් නාදන් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා නියෝජනය කරමින් 51 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි නිලධාරීන්, හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, පොලිස් නිලධාරීන්, ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. එම අවස්ථාව කෙටියෙන් ඇමතූ ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා විසින් යාපනය ප්‍රදේශයේ තරුණයින් සඳහා හැකි උපරිම අයුරින් රැකියා අවස්ථා ලබා දෙන බවට සඳහන් කරනු ලැබූ අතර, මුල් මාස තුනෙන් පසු එම අළෙවි සහයකයින් දීර්ඝකාලීනව එම ආයතනය වෙත බදවා ගනු ලබන බව සහ මෙමගින් ලැබෙන ආදායම ජනාධිපති අරමුදල සහ මහපොල උසස් අධ්‍යාපනය සඳහා යොදවන බවත් වැඩිදුරටත් පැවසීය. එමෙන්ම දෙමළ නර්ථන අංග සහ සිංහල සංස්කෘතික අංගයන්ගෙන් එම අවස්ථාව තව තවත් වර්ණවත් විය. එමෙන්ම එම නව වෙළද සහයකින් 20 දෙනා හට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් එළවළු සහ වියලි සලාක මලු ද බෙදා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා පැමිණි පිරිස් වර්ණවත් පෙරහැරකින් එම ස්ථානය වෙත කැදවාගෙන එනු ලැබූ අතර, එම නව අළෙවි සහයකින් වෙත අළෙවි ආයතන භාර දීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා සර්ව ආගමික නායකයින් ද එක් විය.Adidas footwear | Nike