Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2016 11:26:28 Hours

යුද හමුදාපති ඉන්දීය යුද හමුදාවේ සුහද සංචාරයක

ඉන්දියන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිංහ ගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනයන්හි ඉන්දිය යුද හමුදා මුලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති නව දිල්ලි දකුණු කලාපයේ දෙදින සංචාරයක නිරත විය.

සංචාරයෙහි ප්‍රථම දිනයේ දී  ශ්‍රි ලංකා යුද හමුදාපති දකුණු කලාප පරිශ්‍රයේ පිහිටි අමර් ජවාන් ජෝති රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපහාර දැක්වූ අතර, එම උත්සවයෙන් පසු සංචාරක යුද හමුදාපතිවරයා වෙත ඉන්දීය යුද හමුදාව වෙතින් හමුදා සම්ප්‍රදායානුකූළව සම්මාන පෙලපාලියක් පිළිගන්වන ලදී.

ඉන් විනාඩි කිහිපයකට පසු ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං දකුණු කලාප කාර්යාලයේ දී ශ්‍රී ලංකා යුද හමුදාපති ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව හමුදා ප්‍රධානීන් දෙදෙනා විසින් ද්විපාර්ශවීය වැදගත් කරුණු, පුහුණු වැඩසටහන්‍,වත්මන් ආරක්ෂක තත්වය සහ තවත් අදාල කරුණු සම්බන්දයෙන් සාකච්ඡා කරනු ලැබීය.

හමුව අවසානයේ හමුදා ප්‍රධානීන් විසින් තම හමුදාවන්හි සුහදත්වය සහ සහජීවනය තව තවත් වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, අනතුරුව යුද හමුදාපතිතුමා හට ඉන්දීය හමුදා ප්‍රධානී කාර්යාලයේ ඇති විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීමට ද ආරාධනා කරන ලදී.

යුද හමුදාපතිවරයා එදිනම උදෑසන (24) ඉන්දීය නාවික ප්‍රධානී අද්මිරාල් සුනිල් ලම්බා සහ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් මාර්ෂල් බී.එස් ධනෝවා ඔවුන්ගේ කාර්යාලවලදී හමු විය.

පසුදින සංචාරක යුද හමුදාපතිවරයා යුද හමුදා ඉංජිනේරු පාසලේ සංචාරයක නිරත වූ අතර, එහි සේනාවිධායක විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන්දිය යුද හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ දී එහි සේනාවිධායක සමඟින් ඉතා සමීපව එහි කරුණු විමසා බැලූ අතර, එහි සේනාවිධායක විසින් දැනට එම පාසලෙහි ක්‍රියාත්මක පුහුණු කටයුතු සහ වෙනස්වන ගෝලීය ප්‍රවණතා අනුව නව තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

 

අනතුරුව යුද හමුදාපතිවරයා ඉන්දීය යුද හමුදා ඉංජිනේරු පාසලේ තරුණ නිලධාරී පාඨමාලාව හදාරන ශ්‍රී ලංකීය නිලධාරීන් සමඟ පිළිසඳරක නිරත වූ අතර, ඔවුන්ගේ ප්‍රගතිය සොයා බලනු ලැබීය.

ඉන් පැය කිහිපයකට පසු සංචාරක යුද හමුදාපතිවරයා ඉන්දිය ජාතික ආරක්ෂක විද්‍යා පිඨයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එහි සේනාවිධායකවරයා හමු වී පුහුණු විෂය මාළාවන් සහ වෙනස් විෂයන් පිළිබඳව අධ්‍යනය කරන ලදි.

අනතුරුව කෙඩෙට් නිලධාරීණ් නිවස්නයේ දී සංචාරක යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකික කෙඩෙට් නිලධාරීන් කිහිප දෙනෙකු හමු වූ අතර, ඔවුන් හා පිළිසඳරක යෙදී ඔවුන්ගේ පුහුණු කටයුතු සහ ඔවුන්හට වැදගත් කරුණු පිළිබඳව විමසන ලදී.

මේ අතර, ඉන්දීය හමුදා ප්‍රධානීගේ භාර්යාව විසින් යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් සූදානම් කර තිබූ අතර, එය අවසානයේ දි ඔවුනොවුන් අතර හොඳ හිත සහ සුහදත්වය තව තවත් වර්ධනය කරලීමේ අරමුණින් සමරු තිළිණ හුවාමාරුවක් ද සිදු කරනු ලැබීය.

යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, යුද සේවා සහකාර ලුතිතන් කර්නල් චින්තක වික්‍රමසිංහ මෙම සංචාරය සඳහා එක් විය.

latest Running | Air Jordan