Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th September 2016 01:08:44 Hours
යුද හමුදාපතිතුමාගෙන් ලෝකඩ පදක්කම්ලාභීයා වෙත ත්‍යාග සහ නිල උසස් කිරීමක්
රියෝ හි පැවති පැරාලිම්පික් 2016 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වහා ක්‍රියාත්මක වන පරිදි සැරයන් නිලයට උසස් කර ඔහු වෙත උපහාර ත්‍යාග ප්රදානය කිරීම අද (22) දින යුද හමුදාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයක දී සිදු කරන ලදි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් කෝප්රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳ සැලවිමත් සමග ඔහු වෙත සිය සුභ පැතුම් එක් කළ අතර, අද (22) උදෑසන සිය කාර්යාලය වෙත කැඳවා ඔහුගේ එම විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් නිල උසස් කිරීම මෙන්ම මුදල් ත්‍යාග ලබාදීම සිදු කරන ලදි. තවද යුද හමුදාව විසින් රුපියල් ලක්ෂ 15 ක් වටිනා නව නිවසක් ඉදිකරදීමට ද මෙහිදි ප්‍රතිඥා දෙනු ලැබීය. මෙහිදි යුද හමුදාපති විසින් පදක්කම්ලාභීයා වෙත ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ කැපවීම අගයමින් යුද හමුදා ක්‍රීඩා අරමුදලින් රුපියල් මිලියන 1.5 ක චෙක්පතක් ද ඔහු වෙත පිළිගන්වන ලදි. එමෙන්ම, ආබාධිත රණවිරුවෙකු ලෙස ජාත්‍යන්තර මට්ටමේ ඉසව්වක දී ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව සැරයන් නිලයට හමුදාපතිතුමා විසින් උසස් කරනු ලැබීය. මොහු 2008 වර්ෂයේ කිලිනොච්චි මානුෂිය මෙහෙයුමේ දී තුවාල ලැබිමෙන් අනතුරුව සක්‍රිය සේවයෙන් විශ්‍රාම ගැන්විය. තවද, එහිදි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් රණසේවා අධ්යක්ෂ මණ්ඩලය සහ සුබසාධන අධ්යක්ෂ මණ්ඩලය වෙත ඔහු නිර්දේශ කරනු ලබන තම ඉඩමක නව නිවසක් ඉදි කරදීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන දුන් අතර, ඒ සඳහා යුද හමුදාපති අරමුදලින් තවත් රුපියල් මිලියන 1.5 වෙන්කරන ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා යුද හමුදා ඉංජිනේරුවන් සහ භට පිරිස් විසින් ශ්‍රම දායකත්වය දක්වනු ලැබේ. මෙම හමුවේ දී යුද හමුදාපතිවරයා විසින් සැරයන් දිනෙෂ් හට පවසා සිටියේ ඔහු තවමත් තරුණවියේ පසුවන බැවින් 2020 පැරාලිම්පික් තරඟාවලිය සඳහා ද සහභාගිවීමට හැකි බවයි. ඔහුගේ බිරිඳ සමඟ ද යුද හමුදාපතිවරයා මේ අවස්ථාවේ දී සුහද කතාබහක නිරත විය. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, යුද හමුදා ආබාධිත ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පී.එම්.ආර්. බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජි.ජේ.ඒ.ඩබ්. ගලගමගේ, ශ්‍රී ලංකා පැරාලිම්පික් සම්මේලනයේ කමිටු සාමාජිකයින්, බ්‍රිගේඩියර් ජේ.ආර්. අම්පේමොහොට්ටි සහ බ්‍රිගේඩියර් රජීව් වික්‍රමසිංහ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
best Running shoes brand
|
Ανδρικά Nike