Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2023 21:25:35 Hours

යුද්ධ හමුදා 2 (ස්වෙච්ඡා) පොදු සේවා බලකායේ භටපිරිස් සඳහා ‘තෘප්තිමත් යුගදිවියක්’ මාතෘකාව යටතේ දේශනයක්

බදාදා පුහුණු දිනයට සමගාමීව කපිතන් ඒ.ඒ.සී.පී.කේ පේදුරුආරච්චි විසින් පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 2 (ස්වෙච්ඡා) පොදු සේවා බලකායේදී එම ඒකකයේ භටපිරිස් සඳහා ‘තෘප්තිමත් යුගදිවියක්’ යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් සැප්තැමිබර් මස 27 (බදාදා) දින පවත්වන ලදී.

2 (ස්වෙච්ඡා) පොදු සේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම දේශනය සඳහා එම ඒකකයට අයත් 100 කට අධික භටපිරිස් ප්‍රමාණයක් සහභාගී වූහ.