23rd January 2024 17:26:51 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 18) දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල 1 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
ජානකි ලියනගේ මහත්මිය විසින් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කරනු ලැබීය.
ජල ප්රථීකාර සඳහා යොදාගන්නා රණවිරු පිහිනුම් තටාකය නඩත්තු කිරීම සඳහා අත්‍යවශ්‍ය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ද එතුමිය විසින් සුවතා නිකේතනය වෙත පරිත්‍යාග කරනු ලැබීය.
එහිදී, එතුමිය නේවාසික රණවිරුවන්ගේ අත්කම් නිර්මාණ නිරීක්ෂණය කර ඔවුන්ගේ කුසලතාවයන් ඇගයීමට ලක්කරන ලදී. අනතුරුව, එම පරිශ්‍රයේ ස්ථාපිත ආයුර්වේද රෝහලේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම නේවාසික රණවිරුවන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියාය.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.