05th August 2023 05:57:31 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සහභාගීත්වයෙන් නවතමයෙන් නිර්මාණය කරන ලද යුද්ධ හමුදා සේවා වනිතා වෙබ් අඩවිය (www.army.lk /sevavanitha/) පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති උත්සවයකදී එළිදක්වනු ලැබීය.
ජානකී ලියනගේ මහත්මියගේ ඉල්ලීම පරිදි, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ඒ.එම්.ඩී.බී අධිකාරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් ලබා දුන් උපදෙස් මත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ මූල්‍යමය පිරිවැයකින් තොරව යුද්ධ හමුදා මෘදුකාංග ශීල්පීන්ගේ සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහාය ඇතිව නව වෙබ් අඩවිය නිර්මාණය කරන ලදී.
මෙම වෙබ් අඩවිය මුල් පුවත්, සුබසාධන ව්‍යාපෘති, සේවා වනිතා ශාඛාව මගින් ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන්, ‘විරු කැකුළු’ ක්‍රියාකාරකම් ආදි තොරතුරු වලින් සමන්විත වේ.
මෙම උත්සව අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්වී, කර්නල් ජනමාධ්‍ය කර්නල් ඒ.එම්.ඩී.බී. අධිකාරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, එම ශාඛාවන්හි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.