Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2023 20:20:57 Hours

යුද්ධ හමුදා සේවාවනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ‘අභිමංසල - 3’ වෙත නව ජල පිරිපහදු බලාගාරයක්

මානූෂීය මෙහෙයුමේදී පූර්ණ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකර ඇති පාන්ගොල්ල ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අභිනවයෙන් ඉදිකරන ලද නව ජල පිරිපහදු බලාගාරය (Reverse Osmosis plant) පසුගිය බ්‍රහස්පතින්දා (23) දින යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ඉල්ලීමක් මත දානපතිනී ඔමා උපමාලිකා විජේගුණරත්න මෙනවිය විසින් මෙම ව්‍යපෘතිය සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබිණි. ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්‍ෂ පහක් (500,000.00) වැය වී ඇත.

නව ජල පිරිපහදු බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේ සේවය කරන සිවිල් සේවක මහතෙක් සහ යුද්ධයේදී දිවිපිදූ රණවිරුවෙකුගේ බිරිඳක් වෙත කෘත්‍රිම පාද දෙකක් ද ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාව සඳහා ‘අභිමංසල 3’ සුවතා නිකේතනයෙහි සේවය කරනු ලබන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.