Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2020 12:35:06 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ළමා නිවාසයේ ළමුන්ට දිවා ආහාරවේලක් ලබාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ‘දොන් බොස්කෝ’ ළමා නිවාසයේ (Don Bosco Children’s Home) නේවාසික ළමුන් සඳහා විශේෂ දිවා ආහාරවේලක් ලබාදුන්හ.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී. පී.එස්. ද සිල්වා ගේ උපදෙස් පරිදි   574 වන බලසේනාවේ භටපිරිස්හි සහයෝගය ඇතිව එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිතුමන් විසින් එම කලාපය තුල ජනවාර්ගික සමගිය සහ සංහිඳියාව පිළිබඳ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.

574 වන බලසේනාවේ තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීතුමන් විසින් සිදු කරන ලද සම්බන්ධීකරණයෙන් පසුව මෙම ළමා නිවාසයේ නේවාසික ළමුන් 55 දෙනෙකු සඳහා විශේෂයෙන් සකස් කරන ලද දිවා ආහාරවේලක් පිරිනමන ලදී. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී වූහ. best Running shoes | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger