Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2023 23:02:18 Hours

යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ගිනි නිවීම පිළිබඳ පුහුණු සැසියක්

රට තුළ සිදුවන ඕනෑම ස්වභාවික හෝ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ව්‍යසනයන්ට ප්‍රතිචාර දැක්වීමට ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිරන්තරයෙන් ආපදා කළමනාකරණ පුහුණු සැසි පවත්වනු ලබයි.

කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට අනුබද්ධව ක්‍රියාත්මක කරනු ලැබූ ‘Train the Trainer’ නම් මෙම සැසිය 2023 සැප්තැම්බර් මස 1 සිට 3 දින දක්වා මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සේනාංක මූලස්ථානයේ දි පැවැත්විණී.

ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්ඒස්පි යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

මූලික ගිනි නිවීමේ ශිල්පීය ක්‍රම පිළිබඳ න්‍යායික සහ ප්‍රායෝගික සැසියන් සමඟින් පැවති මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙක් සහ සෙසුනිලයන් 46 දෙනෙක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිනි නිවන නිලධාරි කමල් විල්සන් මහතා සහ කොළඹ ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ පුහුණු ආයතනයේ විශේෂඥයින් වන රංජන් කුමාර මහතා සහ රසික අබේවික්‍රම මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී.