Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th October 2023 22:20:44 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ‘උදාරයි ඔබ රණවිරු ක්‍රියාන්විතය’ වැඩසටහන පැවැත්වේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු සාමාජිකයින් ‘ආර්ය පදනමේ’ සංවිධායකයින් සමඟ එ්කාබද්ධව යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 800 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින ‘උදාරයි ඔබ රණවිරු ක්‍රියාන්විතය’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ජාතික ගීතය ගායනා කර දිවංගත රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ (විශ්‍රාමික), ආර්යා පදනමේ සභාපති චරිත් කිරිඇල්ල මහතා, ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සංජය රන්තුංග මහතා, ප්‍රවීණ හෙද නිලධාරනී සහ සමාජ සේවිකා පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය, ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා, ප්‍රවීණ ගායන ශිල්පී ඉන්ද්‍රජිත් දොලමුල්ල මහතා, ප්‍රවීණ රංගන ශිල්පී සේනක විජේසිංහ මහතා, ප්‍රවීණ ගායක ශිල්පී බළලත් නිලධාරී 1 සම්පත් චූලරත්න (විශ්‍රාමික) විසින් මුලතිව් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමේ අමිල මතකයන් සිහිපත් කරමින් කෙටි දේශන පැවැත්වීය.

වැඩසටහනේ දෙවන සැසිවාරයේදී, මෙම වැඩසටහන සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට සහභාගී වූවන්ට අවස්ථාව හිමිවූහ. වැඩසටහනේ සමාප්තියේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් ‘ආර්යා පදනමෙහි’ සභාපති චරිත් කිරිඇල්ල මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී, 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් ඩී.ඒ. අමරසේකර යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.