24th May 2023 23:29:36 Hours
54 පාබල සේනාංකයේ භටපිරිස්, නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින් හා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි මස 18) දින ට්‍රැක්ටර් රථ 20 කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින් එම ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා දැවැන්ත ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය, කසළ, වීදුරු බෝතල් සහ දූෂක ද්‍රව්‍ය එකළස් කරනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මහ නගර සභාවේ නිලධාරින් සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ මෙම ව්‍යාපෘතියේදී පිරිසිදු කිරීමේ කටයුතු වෙරළ තීරය දක්වා කරනු ලැබිණි.
මෙම වැඩසටහනේදී එකළස් කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වීදුරු බෝතල් යුද්ධ හමුදා ට්‍රැක්ටර් රථ මගින් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා 542 පාබල බලසේනා මූලස්ථානය වෙත ගෙනයනු ලැබීය. 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස් 100 කට අධික සංඛ්‍යාවක් සිය දායකත්වය දැක්වූහ.