Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2023 19:18:42 Hours

යුද්ධ හමුදා ස්කොෂ් ක්‍රීඩකයින් වෙනුවෙන් ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ වැඩමුළුවක්

ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතයන්හි සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික සහ මානසික අභිප්‍රේරණය ඉහළ නැංවීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ලබාදුන් උපදෙස් මත එම අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනෙහි තවත් එක් වැඩසටහනක් පසුගිය බදාදා (ජූලි මස 26) දින මත්තේගොඩ, ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්කොෂ් සංචිතයේ ලේකම් කර්නල් බී.ඒ.එම්.පී බාලසූරිය ආර්එස්පී විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම වැඩසටහන සඳහා ඉංජිනේරු සේවා රෙජිමේන්තු ස්කොෂ් ක්‍රීඩකයින් ඇතුළුව ස්කොෂ් ක්‍රීඩකයින් 21 දෙනෙකු සහභාගී වූහ.

ක්‍රීඩා මනෝවිද්‍යා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කපිතන් ඕ.ඩී.එස්.කේ රූපශ්‍රී විසින් ඉදිරියේදී පැවැත්වෙන අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය වෙනුවෙන් මෙම අභිප්‍රේරණ සැසිය පවත්වනු ලැබූ අතර, එහිදී ක්‍රීඩා වෛද්‍ය අංශයේ ක්‍රීඩා භෞත චිකිත්සක ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ඩබ්ලිව්.කේ.පී.එස් බණ්ඩාර විසින් ‘ක්‍රීඩා සහ ක්‍ෂේත්‍ර අනතුරු වැළැක්වීම සහ කළමනාකරණය’ යන මැයෙන්ද සැසියක් පවත්වන ලදී.