Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා සහාය දිවීමේ තරඟාවලියේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සහාය දිවීමේ කණ්ඩායම දක්‍ෂතා දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘යුද්ධ හමුදා සහාය දිවීමේ තරඟාවලිය’ ඉකුත් බදාදා (21) දින සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති අතර යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සහාය දිවීමේ කණ්ඩායම් රැසක් මීටර් 200 x 4, මීටර් 800 x 4, මීටර් 1500 x 4 සහ Medley සහාය දිවීමේ ඉසව් යටතේ තරඟාවලිය සඳහා සහභාගි වූහ.

මීටර් 200 x 4 සහ Medley සහාය දිවීමේ ඉසව්වලින් කැපීපෙනෙන දස්කම් දක්වමින් ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට මෙම තරඟාවලියේ දී 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩිකාවන් සමත්විය.

තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩකයින් විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශූරතාවය 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ක්‍රීඩිකාවන්ට හිමිවිය.

තරඟාවලියේ සියලු අංශයන්හි තරඟ ප්‍රතිඵල පහතින් දැක්වෙයි:

පිරිමි අංශය

මීටර් 200 x 4

1. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - තත්පර 1:24.48

2. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - තත්පර 1:24.90

3. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - තත්පර 1:25.64

මීටර් 800 x 4

1. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - තත්පර 7:27.40

2. ගැමුණු හේවා බලකාය - තත්පර 7:30.56

3. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - තත්පර 7:33.17

මීටර් 1500 x 4

1. ගැමුණු හේවා බලකාය - තත්පර 15:44.37

2. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - තත්පර 15:44.41

3. ශ්‍රී ලංකා පාබල හමුදාව - තත්පර 16:02.69

මිශ්‍ර සහාය දිවීම

1. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - තත්පර 1:52.72

2. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - තත්පර 1:52.77

3. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - තත්පර 1:53.94

කාන්තා අංශය

මීටර් 200 x 4

1. 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - තත්පර 1:37.87

2. ශ්‍රී ලංකා සංඥා බලකාය - තත්පර 1:43.77

3. 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - තත්පර 1:44.01

මීටර් 800 x 4

1. 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - තත්පර 10:16.00

2. ශ්‍රී ලංකා සංඥා බලකාය - තත්පර 1:43.77

3. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - තත්පර 13:08.24

මීටර් 1500 x 4

1. 4 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - තත්පර 20:28.74

2. ශ්‍රී ලංකා සංඥා බලකාය - තත්පර 22:59.99

3. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - තත්පර 28:11.21

මිශ්‍ර සහාය දිවීම

1. 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - තත්පර 2:10.75

2. ශ්‍රී ලංකා සංඥා බලකාය - තත්පර 2:21.04

3. 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - තත්පර 2:22.10Sports brands | Klær Nike