31st July 2024 19:22:27 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 21 දින අම්බලන්ගොඩ වරුසවිතාන වැඩිහිටි නිවාසයේ දී දානමය පිංකමක් පැවැත්විය. එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවක් වන ඔශංකා රත්නායක මහත්මියගේ අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහනට නේවාසික ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් 18 දෙනෙකු වෙනුවෙන් සංග්‍රහක් සුදානම් කළ තිබුණි.
එම සේවා වනිතා ශාඛාව විසින් මාසිකව සිදුකරනු ලබන දානමය පිංකමේ තවත් දිගුවක් වශයෙන් මෙම දානමය පිංකම සිදුකරනු ලැබීය.මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.