Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2025 12:04:36 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලද තොරතුරකට අනුව කේරළ ගංජා තොගයක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායට ලද තොරතුරකට අනුව 2025 අප්‍රේල් මස 16 දින කිලිනොච්චි විශේෂ කාර්ය බලකාය සහ කිලිනොච්චි පොලිසිය සමඟ එක්ව සිදුකරනු ලැබූ මෙහෙයුමකදී කිලිනොච්චිය පුලියම්පොක්කනෙයි, ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් මිලියන 15 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 ක් (පාර්සල් 40 ක්) අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ ලොරි රථය සමඟින් යාපනය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

කිලිනොච්චි පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.