Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2017 22:50:15 Hours

යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේදී බදාදා (04) දින පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ‘අභිෂේකම්’ පූජාවේදී යුද්ධ හමුදා ධජයන් කෝවිල් මන්දිරයට රැගෙන සම්ප්‍රදායිකව හින්දු ආගමික වතාවත් සිදුකර ආශිර්වාද කරන ලදී.

මෙම ආගමික උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු විසින් සාදරයෙන් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදාවට ආශිර්වාද පතා යුද්ධ හමුදා ධජය ආශිර්වාද ගැන්විම උදෙසා කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත පිළිගැන්වීය.

ගරු සුරේෂ් ෂර්මා ප්‍රධාන පූජකතුමා (කුරුක්කල්) ප්‍රමුඛ දස දෙනෙකුගෙන් යුත් හින්දු පූජකවරුන් කණ්ඩායමක් විසින් හින්දු ආගමික චාරිත්‍රානුකූලව යුද්ධ හමුදාවට ආශිර්වාද පතා මෙම ආගමික මෙහෙය සිදුකරන ලදි.

යුද්ධ හමුදා හින්දු සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙම ඵෙතිහාසික හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සුරේෂ් ශර්මාතුමාගේ උපදෙස් අනුව ආගමික චාරිත්‍ර ඉටුකළ අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක්ද මෙම ආශිර්වාද පූජාව සඳහා එක්වූහ.

jordan Sneakers | UOMO, SCARPE