Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2023 10:21:49 Hours

යුද්ධ හමුදා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සිව් දින පුහුණු වැඩමුළුවක්

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා රග්බි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී ඔක්තෝම්බර් මස 15 සිට 18 දින දක්වා සිව් දින නායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.

යුද්ධ හමුදා රග්බි කමිටු ලේකම් බ්‍රිගේඩියර් එල්ඩර් වෙත්තසිංහ ගේ සම්බන්ධීකරණයෙන් පැවති එම සිව් දින පුහුණු වැඩමුළුව මඟින් කණ්ඩායම් කළමණාකරනය, නායකත්වය සහ ත්‍රාස්‍යජනක පුහුණු සැසිවලද නිරත වීමට අවස්ථාවක් හිමි විය.

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ කාර්යය මණ්ඩලයේ සහයෝගය මත මෙම පුහුණු වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

පුහුණු වැඩමුළුව සඳහා ප්‍රධාන පුහුණුකරු වශයෙන් ශමිලි අෆ්රාස් නවාස් මහතා සහ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සහය පුහුණුකරු ඩිලාන් ධනුෂ්ක සොයිසා මහතා සහභාගී වූහ.

එහිදී ක්‍රීඩකයින්ගේ මානසික සහ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවීමේ අරමුණින් විශේෂිත යුධ ක්‍රියාකාරකම් මාලාවක් පවත්වනු ලැබීය. පුහුණ වැඩමුළුවේදී ත්‍රාසජනක පුහුණු අංගයන් මගින් තරුණ රග්බි ක්‍රීඩකයින්ට අභියෝගාත්මක අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමට සහ ආත්ම විශ්වාසය අති කර ගැනීමටත් ඉදිරියේදී පැවැත්වෙන අන්තර් සමාජ රග්බි තරඟාවලි සඳහා සහභාගී වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මනා සූදානමක් ඇති කර දීම අපේක්‍ෂාව වේ.