Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2023 22:27:02 Hours

යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023, සාර්ථකව පවත්වයි

හමුදා ප්‍රධානීන්, විද්වතුන් සහ ප්‍රවීණයන් එක්ව බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ‘යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023‘ පැවති අතර, එහිදී පස්වන පරම්පරාවේ සංග්‍රාමික බලපෑම (දැනුම්වත්වීම සහ තොරතුරු) සහ ශ්‍රී ලාංකික සංදර්භයේ ඇති ඇති අභියෝග මැයෙන් දේශනයන් පැවැත්වීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් සංවිධානය කරන ලද මෙම දෙදින සමුළුවේදී වර්තමාන සන්දර්භය තුළ යුද්ධ විකාශනය වන ස්වභාවය පිළිබඳව විවේචනාත්මක සාකච්ඡා, නව අදහස් ආදිය තුලින් දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්ථාව හිමිවූහ.

ප්‍රධාන මාතෘකාව සහ උප මාතෘකා පහක් යටතේ සැසි පහක් පැවති අතර, එහිදී කීර්තිමත් දේශකයින් සහ ආරාධිත කථිකයින් සිය දේශනයන් මඟින් විවිධ අදහස් ඉදිරිපත් කරමින් ප්‍රායෝගික විසදුම් ඉදිරිපත් කරන ලදී.

සැසිවාරයේදී පුළුල් ලෙස සාකච්ඡා කරන ලද මාතෘකා අතර ‘Fifth Generation Warfare and Challenges for State (from Military to Political Security)’, ‘Evolution of Modern Warfare and Significance of Fifth Generation Warfare’, ‘Dynamics and Influence of Fifth Generation Warfare and Challenges’, ‘Critical Technologies and its Impact’, ‘Emerging Technologies, Advance Application Tools and Effects across Domains’, ‘Perceived Changes in Sri Lankan Operation Environment and Challenges’, ‘Military Strategies in Support of Formulation of Military Guidance/Policy Making’, ‘Global Best Practices, Probable Guidelines and Legal Implications’, ‘Planning Consideration to Develop Military Strategy/Application for Emerging Security Landscape’, ‘Leadership and Decision Making in Complex Operational Environment’, ‘Evolving a Joint Approach for Decision Making Enhance Capabilities of Military’, ‘Responsibilities of Different Stakeholders and Enhancing Capabilities to Face Complex Environments’, ‘Perception for Sri Lankan Military’, ‘Lessons Derived from Modern Dimensions of Perception Change in Relevant to Sri Lankan Experiences and Role of Military’ and ‘Complex Operation Environment and Challenges in Command to Achieve Cohesion.’ යන මාතෘකා ඇතුළත් විය.

විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් 16 දෙනෙකු සහ කථිකයන් දස දෙනෙකු තම අදහස් ඉදිරිපත් කරමින්, ප්‍රධාන දේශනයේ අන්තර්ගතයට අදාළව අදහස් දැක්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති බටහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, මේජර් ජෙනරල් ජී.වී.ඩී.යූ.ඒ පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී - ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී/සමූහ පරිපාලන ප්‍රධානී, බ්‍රැන්ඩික්ස් ඇපරල් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ ප්‍රධාන ජල විද්‍යා/ජාත්‍යන්තර උපදේශක රියර් අද්මිරාල්‍ වයි.එන් ජයරත්න (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ හමුදා උපදේශක බ්‍රිගේඩියර් එස්.පී වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ පර්යේෂණ, සංකල්පය සහ මූලධර්ම බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, නීතීඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්, වරලත් ගණකාධිකරුවන්ගේ වෘත්තීය ආයතනයේ සාමාජික, එන්ඩීසී, පීඑස්සී ගුවන් හමුදාවේ විනයාරක්‍ෂාධිපති එයාර් කොමදෝරු වී.ටී.එස් සිරිමාන්න යූඑස්පී එම්සීආර් එම්පීඑම් එම්ඩීඑස් පීජීඩී (අයිආර්) එල්එල්බී ඒඑන්ඩීඑච්ආර්එම්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධාන සහ තොරතුරු යුධ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කර්නල් කේ.වී.පී ධම්මික යූඑස්පී පීටීඑස්සී‍, කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ අපරාධ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නිතීඥ ලුතිනන් කර්නල් තුෂාරා කත්‍රිආරච්චි (විශ්‍රාමික) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - එල්එල්බී, කීර්තිමත් ආරක්ෂක විශ්ලේෂක සහ පර්යේෂක නිලන්තන් නිරූතන් මහතා (ප්‍රධාන දේශනය), ඉන්දික ද සොයිසා මහතා උපායමාර්ගික උපදේශක/උප සභාපති - Huawei Technologies Lanka Co (Pvt) Ltd, බොෂාන් දයාරත්න මහතා සමූහ අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී - CICRA Holdings, වරුණ ජයලත් මහතා සාමාන්‍යාධිකාරී - Dell Technologies, මහාචාර්ය තුෂාර වීරවර්ධන ඉංජිනේරු පීඨයේ පීඨාධිපති - කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය. යන දේශකයින් අධ්‍යයන සැසි සඳහා දායක වූහ.

Zoom තාක්‍ෂණය හරහා සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන්හි නිලධාරීන්ද මෙම සැසියන් සඳහා සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති බටහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උත්සවයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර, යුද්ධ හමුදා මූලස්ථානයේ සිට එක්වෙමින් සිය ආරම්භක දේශනය පවත්වන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම වැඩසටහන සඳහා යුධ විද්‍යාලයේ සේනාවිධායකතුමන්, ප්‍රධාන උපදේශක, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන් කිහිප දෙනෙකු ද සහභාගී විය. ඊට සමගාමීව, යුද විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යේෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 9 සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 28 හි ශිෂ්‍ය නිලධාරීන්, පීඨ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලයද යුද විද්‍යාලයේ පැවති මෙම දේශණ සඳහා මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානවලින් 1500ක පමණ පිරිසක් අන්තර්ජාලය ඔස්සේ සැසිවාරයට සම්බන්ධ වූහ.

සෑම සැසිවාරයක් අවසානයේ දී දේශකයින් වෙත ඇගයීමේ සංකේත ලෙස සමරු තිළිණ සහ සහතිකපත් පිරිනැමිණි. යුධ විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක විසින් ස්තුති කථාව පවත්වන ලද අතර, එහිදී එතුමන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔහු යුද්ධ හමුදාධිපතිතුමන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්යය මණ්ඩලය, ප්‍රධාන මාණ්ඩලික ශාඛාව, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ අනෙකුත් සියලුම අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායකතුමන් ඇතුළු එතුමන් ගේ කණ්ඩායම සහ යුධ විද්‍යාලයේ කාර්යය මණ්ඩලයට සිය ස්තූතිය පුද කලහ.