Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2023 19:16:45 Hours

යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස සෙනාලි දුල්කා හේරත් මහත්මිය පසුගිය සෙනසුරාදා (10) දින දඹුලුහල්මිල්ලෑව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

උත්සව අවස්ථාවට සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සෙනාලි දුල්කා හේරත් මහත්මිය එම සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මිය, ලේකම් ස්වර්ණමාලි ඒකනායක මහත්මිය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සෙනාලි දුල්කා හේරත් මහත්මිය ප්‍රථමයෙන් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සව කටයුතු ආරම්භ කල අතර, අනතුරුව එතුමිය, උප සභාපතිනිය සහ ලේකම්තුය විසින් එම අවස්ථාවට පැමිණ සිටි පිරිස් අමතනු ලැබීය. එහිදී යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාකාවේ වාර්ෂික සැලැස්ම, නව ව්‍යාපෘතින් සහ අනෙකුත් කරුණු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.