02nd August 2024 21:20:04 Hours
අධ්යක්ෂ ජෙනරාල් ප්රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩි. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එච්ඩිඑම්සි පීඑස්සි ගේ මඟපෙන්වීම යටතේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ සහයෝගයෙන් යුධෝපකරණ පුහුණු පාසල විසින් ප්රසම්පාදන ක්රියාවලිය පිළිබඳ දෙදින වැඩමුළුවක් 2024 ජූලි මස 24 දින සහ 25 දිනයන් හි යුද්ධ හමුදා මූලස්ථානයේදී නිලධාරීන් සඳහා පවත්වන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සී ගේ ආරම්භක දේශණය සිදුකරමින් මෙම වැඩමළුව ආරම්භ කරන ලදී. මෙම දේශනයේ දී ප්රසම්පාදන ක්රියා පිලිවෙත හැඳින්වීම, මිල ගණන් කැඳවීමේ දැන්වීම්/ මිල ගණන් පත් හා ප්රසම්පාදන මාර්ගෝපදේශය, මිල ගණන් පත් විවෘත කිරීම, නියැඳියන් ලබාගැනීම, කාර්මික ඇගයීම් කමිටු පත්කිරීම, මුදල් ප්රථිපාදන සීමාවන්, භාණ්ඩ සැපයීම, මිල ගණන් නැවත කැඳවීම හා විද්යුත් ප්රසම්පාදන පිළිවෙත පිළිබඳ හඳුන්වා දීම සිදු කළේය.