Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th December 2024 07:56:25 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේදී නව විධායක ජෙනරාල් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 39 වන විධායක ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී 2024 දෙසැම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.