09th March 2025 22:15:25 Hours
මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ සිසු සිසුවියන් විසින් එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 06 දින පවත්වන ලදී.
මෙම උත්සවයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්රධානගේ කැපවීම, නිර්භීතභාවය සහ නායකත්වය හා පාසල වෙනුවෙන් සිදුකල සේවය ඇගයීමට ලක්කරනු ලැබීය. පාසල් පරිශ්‍රය වෙත සපැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි, විදුහල්පති විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන එම අවස්ථාවට පැමිණි පිරිස අමතමින්, මෙතෙක් තමන් පැමිණි ගමන් මගෙහි සාර්ථකත්වය වෙනුවෙන් අධ්‍යාපනය ලබාදුන් ගුරුවරුන්ට සහ පාසලට කෘතවේදීත්වය පළ කරමින්, හමුදා ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් කළ ආකාරය පිළිබඳව අවධාරණය කළේය.
උත්සවය අවසානයේදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත රට වෙනුවෙන් සිදු කළ සේවය අගය කරමින් සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.