24th July 2018 14:14:26 Hours
ආර්ථික වටිනාකමින් යුත් පැළ රෝපණය කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් දිරීගැන්වීමේ අරමුණින් සියලුම කඳවුරු වල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත කොස් පැළ 50 බැගින් බෙදාදෙනු ලැබීය. ඒ අනුව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී සෙනසුරාදා (21) දින මෙම පැළ තොගය බෙදාදෙනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ‘හදබිම’ අධිකාරිය විසින් දියත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ඇතුළු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය.
මෙම වැඩසටහනට අනුව කොස් පැළ 5000 කට අධික ප්‍රමාණයක් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකක වෙත බෙදාහැරීමට නියමිතය.
Running Sneakers | Nike Shoes