05th February 2023 18:23:25 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (26) දින 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ තේමාව ඔස්සේ පවත්වනු ලැබූ අධ්‍යාපනික සැසිය වෙනුවෙන් 583 වන බලසේනාව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 165 දෙනෙකු සහභාගී වූහ.
මෙම සැසිවාරය ආචාර්ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ මහත්මිය විසින් මෙහෙයවන ලද අතර එහිදී මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සහ මනෝවිද්‍යාත්මක ආකල්ප පිළිබඳ භටපිරිස් දැනුවත් කරන ලදී.
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ ගේ මඟපෙන්වීම සහ 583 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කුමාර පෙරේරා සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.එම්.පී.එස්. සමරසිංහ විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.