21st November 2023 21:17:01 Hours
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් සඳුදා (නොවැම්බර් මස 20) දින දියතලාව දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ - බදුල්ල, උඩරට දුම්රිය ප්‍රවාහන කටයුතු අඩාල විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පිඑස්සි ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම භටපිරිස් විසින් දුම්රිය මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකළහ.