Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2023 21:21:25 Hours

යුද්ධ හමුදා භටපිරිස් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ආබාධිත පවුලක නිවසක් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 පාබල සේනාංකයට අනුයුක්තව රාජකාරි සිදුකරනු ලබන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් සහ 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කැබිතිගොල්ලෑව, ගලවැව ප්‍රදේශයේ ආබාධිත පවුලක් ජීවත්වන නිවසක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

දෑස් නොපෙනෙන මවක් සහ පුතෙකු පදිංචිව සිටි මෙම නිවස මීට මාස කිහිපයකට ප්‍රථම වනඅලි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් හානි වී ඇත. අනතුරුව යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් නිවස අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට පැපිලියාන ‘Auto Lanka Land’ රථ වාහන ආනයන සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන ජෝගා පෙරේරා සහ සුසන්ත ජයවර්ධන යන මහත්වරුන් සම්බන්ධ කරගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් විසින් සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරක වැඩසටහනේදී හානියට පත්ව ප්‍රතිසංස්කරණය කරන ලද නිවස එම ප්‍රථිලාභී පවුල වෙත පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින පවරා දෙන ලදී.

62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එස්.වයි.එල්. කුරුවිට ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

අළුත්වැඩියා කරන ලද නිවස ප්‍රථිලාභීන් වෙත පවරාදීමේ උත්සව අවස්ථාව සඳහා 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.