13th March 2023 19:21:02 Hours
ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ වැලි මළුවෙහි වර්ග මීටර් 800 ක් පමණ පැතිර ඇති වැලිමළුවේ වාර්ෂිකව පවත්වනු ලබන වැලි ඇතිරීමේ උත්සවය 21 වන පාබල සේනාංකයේ සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ මධ්‍යම භටපිරිස්හි සහයෝගය ඇතිව 2023 මාර්තු මස 3 දින සිට 5 දින දක්වා පැවැත්විණි. දින තුනක් පුරාවට සිදුකෙරුණු මෙම පුණ්‍ය වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත 250 කට අධික භටපිරිසක් සිය දායකත්වය දැක්වූහ. රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති හිමිපාණන් විසින් වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදුන්නේය. මෙම පුණ්‍ය වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ බැතිමතුන් පිරිසක් ද සහභාගි වූහ.